ඔබට වලිප්පුව සෑදී ඇත්නම් ඔබේ වෛද්‍යවරයා විසින් එයට හේතුව හොයා ගැනීම සඳහා ඔබව විශේෂඥය වෛද්‍යවරයකු වෙත යොමු කරනු ඇත. ඔබ ඒ සඳහා සාමාන්‍යයෙන් ස්නායු වෛද්‍යවරයෙක් මුණ ගැසෙයි. මොහු මොළයට හා ස්නායු වලට බලපාන තත්ත්ව පිළිබඳ විශේෂඥයෙකි. ඔවුන්ට ඔබගේ වලිප්පුව තත්ත්වය පිලිබඳ වැඩිදුර විස්තර සොයා ගැනීමට අවශ්‍ය වන අතර ඒ සඳහා තවත් පරීක්ෂණ කිරීමට යෝජනා කරයි.
ඔබට විශේෂඥයෙකු හමුවීමට නියම කිරීමෙන් සති දෙකක් ඇතුළත හමුවිය යුතුය. වෛද්‍ය හමුව ට පෙර ඔබට තවත් වලිප්පු තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇත. එනිසා මෙම කාලයේදී වලිප්පු තත්ත්වයක් ඇති වුවහොත් ඔබ හා අනෙක් අයව අනතුරේ දමන ක්‍රියාවලින් වලින් වැළකී සිටිය යුතුය. උදාහරණයක් ලෙස, ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වන තෙක් රිය පැදවීමෙන් හා පිහිනීමට යාමෙන් වැළකී සිටිය යුතුය. ඔබට විශේෂඥ වෛද්‍ය හමුවට පෙර තවත් වලිප්පු අවස්ථාවක් ඇති වූවොත් උපදෙස් සඳහා ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.
අපස්මාර තත්ත්වය ඉක්මනින් විනිශ්චය කිරීමට අපහසු වන්නේ,ක්ලාන්ත ගතිය,තද හිසේ කැක්කුම(migrane),අධික ලෙස බියට පත්වීම යන අවස්ථාවන්හිදී ද සමාන රෝග ලක්ෂණ ඇති වීම ය. ඔබට එක් වරකට වඩා වලිප්පු තත්ත්වය ඇති වන තෙක් එය තහවුරු කර ගත නොහැකිය. ඔබට මතක පමණින් ඔබේ වලිප්පු අවස්ථාව පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කළ හැකි නම් ඔබේ විශේෂඥ වෛද්‍යවරයාට එය පහසුවක් වනු ඇත. එයට ඇතුළත් වන දෑ නම්:
ඔබේ වෛද්‍ය හමුව ට පෙර වලිප්පු තත්ත්ව පිළිබඳව සටහන් ලියා තබා ඒවා රැගෙන ඒම පහසුවක් විය හැක. ඔබට හැකිනම් ඔබ සමග ඔබට වලිප්පුව ඇති වූ අවස්ථාව දුටු අයකු හෝ එම අවස්ථාවෙහි වීඩියෝ පටයක් රැගෙන යා හැකි නම් එය විශාල පහසුවක් වනු ඇත.
ඔබේ විශේෂඥ වෛද්‍යවරයා විසින් මොළයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා electroencephalogram(EEG) පරීක්ෂණයක් හෝ මොලයේ ප්‍රශ්නයක් තිබේදැයි පරීක්ෂා කිරීමට ස්කෑන් පරීක්ෂණයක් නියම කරයි. මෙම පරීක්ෂණ මගින් කිසිවක් නොපෙන්වුවද තවමත් ඔබට අපස්මාරය පැවතිය හැක, එවිට ඔබගේ රෝග ලක්ෂණ මත පදනම්ව රෝග විනිශ්චය කරනු ඇත. ඔබගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම(EEG) යන පරීක්ෂණය අපස්මාරය සහිත පුද්ගලයන්ගේ මොලයේ අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමට යොදා ගනියි. පරීක්ෂණය අවස්ථාවේදී කුඩා සංවේදක ඔබගේ හිස් කබලට සවි කරන අතර මොලයේ සෛල මගින් එකිනෙකා අතර සංඥා හුවමාරු කරන විට ඒවා මගින් එම විද්‍යුත් සංඥා ලබා ගනී. මෙම සංඥා යන්ත්‍රයක් මගින් පටි ගත කරන අතර ඉන්පසු ඒවායේ අසාමාන්‍යතා නිරීක්ෂණය කරයි. EEG පිළිබඳ වැඩිදුර කියවන්න. මොළයේ ස්කෑන් පරීක්ෂණය මොළයේ ස්කෑන් පරීක්ෂණ මගින් අපස්මාරයට හේතු විය හැකි මොළයේ ගැටළු හඳුනා ගත හැක. ඒවා නම්:
ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ චුම්බක අන්නුද රූප ස්කෑන්(MRI) වර්ගයයි. මෙහි දී මොළයේ රූපයක් නිර්මාණය කිරීම සඳහා චුම්බක ක්ෂේත්‍ර සහ ගුවන් විදුලි තරංග යොදා ගනී. ස්කෑන් යන්ත්‍රය ඔබ ඇතුල් කළ හැකි දිගු නලයකි.